පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් වෙයි.
එම අවස්ථාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණය විවෘත කළේය. අනතුරුව එය අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වුණි.
පහසුකම් රැසකින් සමන්විත මෙම නව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ අධීක්‍ෂණයෙන් කඩිනම් කෙරිණි.
මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණය 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබීම විශේෂත්වයකි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය - වැය මඟින් ද ප්‍රකාශ කළේ රට සංවර්ධනය කිරීමට අදාළව තවත් ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක්ම කඩිනමින් ආරම්භ කරන බවයි.
මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.
මෙම අවස්ථාව සඳහා, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.