නැවත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී කිසිදු මුල්‍යමය බරක් නොමැතිව අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා.
මෙරටට පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන අතර මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් අවධානම් මට්ටම අනුව ප්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.
දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිතවී ඇති අවස්ථාවලදී එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමත් සමගම සංචාරක ව්‍යාපාරයට ද අවස්ථාව ලබා දෙන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා කියා සිටියා.




