අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - විමල් වීරවංශ


කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැව්න් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කටයුතු කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

 අද(06) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
   “අද විපක්‍ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් සියලු කරුණු යටපත් කරමින් පැණියක් හා මිනියක් බදාගෙන කටයුතු කරමින් සිටිනවා. කොරෝනා වසංගතයට අපි රටක් ලෙස මුහුණ දෙන විට සෞඛ්‍ය බලධාරීන් ඉතා පැහැදිලි තීරණයක් ගනු ලැබුවා, ‘කොවිඞ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන තැනැත්තන්ගේ මෘතදේහ ආදාහනය කළ යුතුයි. එම මෘතදේහ භූමදානය නොකළ යුතුයි’ කියා. එම තීරණය ඒ මොහොතේ කිසිදු ජනකොටසක් ප්‍රතික්ෂේප කළේ නැහැ.
මුස්ලිම් අන්තවාදීන්ගේ උවමනාව අපි දන්නවා, සිංහල බෞද්ධ ජනතාව  තමන්ගේ ඥාතියෙකු මියගිය විට දේහය දින කිහිපයක්  නිවසේ තබාගෙන අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාව ලබා දී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව තමයි අවසන් කටයුතු සඳහා මෘතදේහය රැගෙන යන්නේ. ඒ වගේම කතෝලික බැතිමතුන්, හින්දු බැතිමතුන් ද බොහෝ විට තම ඥාතියකු මියගිය විට අනුගමනය කළේ තම චාරිත්‍රවාරිත්‍ර අනුව භූමදානයයි. නමුත් කොවිඞ් - 19 වෛරසය ආසාදනය වී මියගිය තැනැත්තෙකුගේ මෘත දේහය පිළිබඳව විතරයි මේ තීරණය බලාත්මක කළේ. වෙනත් කවර තත්වයකදී මියයන පුද්ගලයෙකුට හෝ මෙය අදාළ කර නැහැ. ‘මුළුමහත් ලෝකයම අඩපණ කළ මේ වසංගතයෙන් මිදෙන්නේ කෙසේද?’ කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඇති මේ මොහොතේ මුස්ලිම් අන්තවාදීන් සහ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන අය, ‘කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු ආදාහනය නොකර භූමදානය කරන්න ඉඩ දෙන්න’ කියා ඉල්ලනවා.
‘සියල්ල දේශපාලන පාපන්දු කරගන්නා අන්තවාදියෝ’ මේ නව වෛරසය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී එය පහසුවෙන් කළ හැකිව නැහැ. එයට කල් ගත වෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනයන් ඇරඹී ඇත්තේ දැනුයි. එසේ තිබියදී තමයි මේ මෝඩ, අමන මුස්ලිම් අන්තවාදී කල්ලි කියන්නේ ‘කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ දෙන්න’ කියා. දැන් බලන්න, තමන්ගේ සමීපතම ඥාතියකු කොවිඞ් ආසාදිතයෙකු ලෙස මියගියාම බෞද්ධ ආගමික කටයුතුවලින්, හින්දු ආගමික වතාවත්වලින් හා කතෝලික ආගමික වතාවත්වලින් තොරව එම සිරුර ආදාහනය කිරීමට ඉඩ දෙන්න ඒ පිරිස් කටයුතු කරන්නේ හිතේ දුක දරාගෙන නේද? එහෙම කරන්නේ පුළුල්තම මානව දයාවෙන් නේද? ජීවත්ව සිටින පිරිස්වල සෞඛ්‍ය ආරක්‍ෂාව ගැන සිතා නේද? බෞද්ධ, හින්දු, කතෝලික බැතිමතුන් පමණක් නොවෙයි ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් ද මෙම තීරණයට එකඟව සිටිනවා. නමුත් හැම දෙයක්ම දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගන්නා අන්තවාදී කල්ලි තමයි ඒ තීන්දුවට එරෙහිව කටයුතු කරමින් සිටින්නේ.
අසාත් සාලි වන්දිය ගන්නා හැටි එදා සහරාන්ලාගේ ගෝලබාලයන් බේරා ගැනීමට දුරකථන ඇමතුම් දුන් බවට ජනාධිපති කොමිසම ඉදිරියේදී ඔප්පු වී ඇති නිසා අද අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් සිටිය යුත්තේ සිරගෙවල්වලයි. නමුත් අපේ රහස් පොලීසියට පිං සිද්ධ වෙන්න මෙයා අදත් එළියට ඇවිත් කටමැත දොඩවනවා. එයා තර්ජනය කරනවා. ‘ආදාහනය කළ යුතු මළ සිරුරු භූමදානය කරන්න ඉඩ නොදුන්නොත් ඒකට අනාගතයේදී වන්දි ගෙවන්න සිදුවේවි’ කියා. අසාත් සාලි වන්දිය ගන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වෙලාද? මේ වගේ අන්තවාදය නිර්මාණය කරන අම්බරුවන්ට කටමැත දොඩන්න ද මේ රටේ ජනතාව අපේ ආණ්ඩුව නිර්මාණය කරනු ලැබුවේ? මේ විදියට මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කිරීමට සූදානම් වන කවර පුද්ගලයෙකු වුවත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතුව තිබෙනවා.
ජනතා විශ්වාසය රැකිය යුතුයි 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් කරනු ලැබුවේ, ඒ වගේම මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ, ‘මද්‍රසා පාසල්, අන්තවාදී ඇඳුම් භාවිතය වැනි ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සියලු මාර්ග වසා දමා මෙරටින් එම අන්තවාදය මුලිනුපුටා දමයි’ කියන විශ්වාසය ඇතිවයි. අසාත් සාලි මේ ආකාරයට ඉන්දීය මාධ්‍ය හරහාත් තර්ජනය කිරීමක් සිදු කළා. එදා එළියට ආවේ දිවුරුම් පෙත්සමක් ද සමගයි. අද යළිත් මේ ආකාරයට ‘වන්දි ගෙවන්න සිදු වේවි’ කියමින් තර්ජනය කරනවා. මේ විදියේ තර්ජන කරන දේශපාලන අම්බරුවන්ට නටන්න ඉඩදී නිහඬව ඉන්න නොවෙයි මේ රටේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය ගොඩනැඟුණේ.
පොලිස්පතිතුමන් ඇතුළු බලධාරීන්ගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා, ‘ඉහත ආකාරයට අන්තවාදයට උඩගෙඩි දෙන අසාත් සාලි වැනි සියලු දේශපාලන නිගණ්ඨයන් වහාම අත්අඩංගුවට ගන්න’ කියා. ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මේ අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස් අත්අඩංගුවට ගත යුතුයි. රටේ නීතියට අභියෝග කරන්න සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට තර්ජනය කිරීමට කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැහැ. මේ  පිරිස්වලට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටිනවා නම් එය ලැබුණු ජනවරමට පටහැනියි. ඒ නිසා අපි අපේම ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලනවා, මිනිය බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දගලන අන්තවාදීන්ට තවදුරටත් කටමැත දෙඩවීමට ඉඩ නොදී මේ රටේ නීතිය බලාත්මක කරන්න කියා” මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - විමල් වීරවංශ
අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - විමල් වීරවංශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqAJkxHX0UcuSD6KWv3XpxRfUNXOne7rZHgGJ-dAISymUdC1VjK1K4g6z0pVUpoeQttWA7LYhbvynSDiRDHl-Vxhmu1ie3sFOGGjw0X4Zj7_uIDyJNfAhi6_s8OVd31Xp7OCnl00JOKPo/s16000/04.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqAJkxHX0UcuSD6KWv3XpxRfUNXOne7rZHgGJ-dAISymUdC1VjK1K4g6z0pVUpoeQttWA7LYhbvynSDiRDHl-Vxhmu1ie3sFOGGjw0X4Zj7_uIDyJNfAhi6_s8OVd31Xp7OCnl00JOKPo/s72-c/04.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/wimal%20weerawansa%20press%20conference.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/wimal%20weerawansa%20press%20conference.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content