සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්ද 91කින් පරාජයට පත්වුනා.
විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණයි.යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව අගෝස්තු 3 වනදා කළ් තබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ රැස්වන බවය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ජුනි මස 26 වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබුණේ ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමිනුයි.