රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් එළඹෙන සදුදා (20) සිට සතියක කාලයක් කොළඹ නගරයේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එසේ ම තදාසන්න නගරවල පාසල් සඳහා එම සතිය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සිදු කිරීමට තීරණය කර ඇති අතර දහවල් කාලය තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කළ බව ඔහු වැඩිදුරටත් පවසනවා.
ඒ අනුව ප්‍රවාහන ගැටලු නොමැති ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් ඊළඟ සතිය තුළ පාසල පැවැත්වීම සම්බන්ධයෙන් ලබන 25 වන සෙනසුරාදා නැවතත් අධ්‍යාපන බලධාරීන් රැස්වී තීරණයකට එළඹීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




