වේල්ලවීදිය පොලිසියේ හෝජනාගාර පාලකට කොවිඩ් ආසාදනය වූ බව තහවුරු කර ගෙන තිබේ. 12 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
එම පොලිසියේ භෝජනාගාර පාලක වරයා පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙනවිත් තිබෙනවා. පසුව පසුගිය 23වනදා සිදුකරන ලද PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු කර ගෙන තිබේ. නමුත් මේ වනතුරුත් ඔහුට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර පසුව ඔහු කෑගල්ල උඳුගොඩ රෝහලට ඔහුව යොමුකර ඇති අතර ඔහුගේ සහයකයින් දෙදෙනා සහ තවත් දස දෙනෙකු කළුතර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත .
අනතුරුව පොලිසියේ අනෙකුත් නිලධාරීන් පිරිස එම පොලිසියේම නිරෝධායනයට යොමු කර ඇත්තේ නිවෙස් වලම නිරෝධායනය කිරීමේ සංකල්පය මතයි. එම පොලිසියේ කටයුතු වලට අවට තිබෙන පොලිසිවල නිලධාරීන් යොදවා තිබේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. එකොළොස් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමු වී ඇති අතර ඒ සමග කැලණිය කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු හුදකලා කර තිබේ.
කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වයිරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ. මේ අතර මිරිහාන, සීදුව සහ නාරාහේන්පිට පොලිස් ස්ථානවල සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ පොලිසියේ නිලධාරීන් 345 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවයි.




