සවස් කාලයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළබින් පිටවන මංතීරුවල හා පින්නදූව පිවිසුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් තිබූ බව වාර්තාවේ.
අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම මෙම රථවාහන තදබදයට හේතුව බවත්,
බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙසට රජය දැනුම් දුන්නද මෙලෙස පිටවයාම වරදක් බව පොලීසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළ බවත් පොලීසිය කියයි.
මෙම තත්ත්වයත් සමග කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝමීටරක පමණ දුරක තෙක් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
පින්දූව පිටවීම අසලද දැඩි වාහන තදබදයක් පවතී.



