නිරෝධායන ක‍්‍රමවේදයන් වල වෙනසක්
නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් නිවෙස්තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ PCR පරීක්ෂණ වාර්තාවලින් නව්‍ය කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන තුරු නිවෙස්තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ දිනයේ සහන කාලයක් ලබාදුන් අතර එහිදීද, බොහෝ පිරිසක් නිරෝධායන රීති කඩකරන ආකාරය දැකගත හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මේ අතර නිරෝධායන ක‍්‍රමවේදයන් වෙනස් කිරීමට රජය ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.
හදුනා ගැණෙන ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීමටයි රජය ඊයේ සිට තීරණය කළේ. එමෙන්ම PCR පරීක්ෂණ ධනාත්මක වූ පසු එම ආසාදිතයා සෘජුව රෝහල් ගත නොකර අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ ඊයේ තීරණය කළා.
සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත් රෝහල්ගත වන වෙනත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමට විකල්ප වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බවයි.




