බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
හෙට (29) මධ්‍යම රාත්‍රීයේ සිට එළඹෙන සඳුදා උදැසන 5.00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට අද (28) තීරණය කෙරුණි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යෑමෙන් කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙසය.
අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය, ගුවන් තොටුපළ ආදී කටයුතු බවද ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට දැනටමත් කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊට අධිවේගී මාර්ගයද ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් කෙරුණි




