රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකවරයෙක් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස පැවසුව ද ඔහු ඒ බව නොදන්වා කාර්යාල භූමියේ රැඳී සිටි බවත් දෙපාර්තමේන්තුවේ ම එක් අංශයක රාත්‍රිය ගතකර ඇති බවත් වාර්තා වෙයි.
ඒ වනවිටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන් හා අනිකුත් සේවකය් ප්‍රමාණය සීමා කර ඇත.
මේ පුද්ගලයා මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය බවට වෙනත් අයකුගෙන් ලැබුණු තොරතුරක් මත ඔහු පිළිබඳ සොයා බැලීම් කිහිපයකින් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබේ.
එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.




