යුද්ධ හමුදාධිපති කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක


කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.






එම පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙනුවෙන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු මුරයේ ගෞරවාචරය (Drive past) එතුමන් වෙත පුදකරනු ලැබීය.

ඉන් අනතුරුව, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශණ ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්විණි.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ කිලිනොච්චි, ක්‍රිෂ්ණාපුරම් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉදිකරනු ලබන මෙම රෝහල කොවිඩ් - 19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ අරමුණින් ඉදිකරනු ලබයි.

පසුව, කිලිනොච්චි පිහිටි නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනෝච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් අමතනු ලැබීය.

කොවිඩ් - 19 වෛරසය පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව දිවයිනේ වැඩිම නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණයක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමේ අභිමානය යුද්ධ හමුදාව සතුවන බවයි.

එහිදී, අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “දැඩි විනයගරුක සාමාජිකයින් ලෙස ආරක්‍ෂක හමුදාවන්හි සාමාජිකයින් වන අප අතර මෙම වසංගතය සම්ප්‍රේෂණය වීමට එරෙහිව සියලු වැළැක්වීමේ පියවර ගැනීම අපගේ වගකීමකි. සියලු පූර්වාරක්‍ෂාවන් සමඟ මෙම තත්වය කළමනාකරණය කිරීමට යුද්ධ හමුදාවට හැකි වූයේ එබැවිනි. ඔබ සියලුදෙනාම වෛරසය පිළිබඳව සැලකිල්ලෙන් සිටීම සහ දැනටමත් ඔබ වෙත නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි මා අපේක්‍ෂා කරමි.” යනුවෙන් පැවසීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ.

www.army.lk
Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: යුද්ධ හමුදාධිපති කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
යුද්ධ හමුදාධිපති කිලිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj4CTsn-PybfpIsNvtjoLCHHnCrleHlfyzsoa2rk3WunW67jPF8OSJuomD9SgKUUxlEkE4wK7VrqILI1UKw8bt11z_jReDtIGQX-kfNXmPpSuvI1JoD3trnUHeqdpBp34VehZYcRZUPHI/s16000/20201031_comdvisitkln_18.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj4CTsn-PybfpIsNvtjoLCHHnCrleHlfyzsoa2rk3WunW67jPF8OSJuomD9SgKUUxlEkE4wK7VrqILI1UKw8bt11z_jReDtIGQX-kfNXmPpSuvI1JoD3trnUHeqdpBp34VehZYcRZUPHI/s72-c/20201031_comdvisitkln_18.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/ArmyCommanderKilinochchi.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/ArmyCommanderKilinochchi.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content