කොරෝන වෛරසය ව්‍යාප්තවීමේ අවදානම් කාලසීමාව අවසන් වනතෙක් නිවසකදී සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ග්‍රාම නිලධාරීවරයා විසින් මරණ වාර්තාවක් ලබාදීමේදී අදාළ මරණය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු නොවූවක් බවට තහවුරු වී තිබිය යුතු බවයි එම ක්‍රමවේදයේ දක්වා ඇත්තේ.
එමෙන්ම පුද්ගලයෙකු මියගිය අවස්ථාවකදී එය කොරෝනා වෛරසය ආසාදනය වී සිදු නොවූවක් බව තහවුරු කරගත යුතු අතර, නිවසක සිදුවන මරණයකදී ග්‍රාම නිලධාරී වාර්තාව හෝ වෛද්‍ය වාර්තාවට අමතරව PCR පරීක්ෂණ වාර්තාවක්ද සියලු උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ලබාගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.




