මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පහත විස්තර දැක්වෙන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මුළු මරණ සංඛ්‍යාව 66ක් වේ.
01. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිච් 19 cආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීමෙන් පසු පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ ඉන් පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිච් 19 ආසාදනය වීමයි.
02. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොවිච් 19 ආසාදනය විමයි.
03. කිරුළපන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගය කොවිච් 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.
04. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය සමඟ නියුමෝනියාව වැළඳීම යි.
05. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිච් 19 ආසාදනය වීමයි.




