ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් වසම් 24 ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක පවතිනවා.
මේ අතර, ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 358 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.