කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමිමට තින්දුකොට ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසනවා.
මහාධිකරණ විනිසුරුතුමා, දිසා අධිකරණ විනිසුරුතුමා හා මහේස්ත්‍රාත් තුමා සහ ගාල්ල නිතිඥ සංගමයේ නිතිඥයින් සමග අද (17) දහවල් පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මෙම තින්දුව ගත් බවයි නිතිඥ සංගමයේ ලේකම්වරයා පැවසුවේ.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි රැදවියකු ඇප ලබා පසුගිය 11 වැනිදින සිය නිවසට ගොස් ඇති අතර ඔහු යක්කලමුල්ල බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
12 වැනිදින මොහු ගාල්ල අධිකරණයට පැමිණ නිතිඥයින්කි හිපදෙනෙකු හමු වී ඇති බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පැවසුවා. පෙරේදා (14) දින මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් ලබන සදුදා සිට අධිකරණවල කටයුතු සාමන්‍ය පරිදි සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.




