හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන් සඳහාම පමණක් ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරි දින කිහිපය තුළදී පරිවර්තනය කරන බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා.
කොරෝනා වෛරසය වැළඳුණ රෝගීන් සඳහා දැනට වෙන්කර තිබෙන රෝහල් ප්‍රමාණවත් නොවන නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවයි වෛද්‍යවරයා පැවසුවේ.
ඒ හේතුවෙන් ඊයේ 17 දින සිට අනෙකුත් රෝගීන් කිසිවෙකුත් ඇතුලත් කර නොගන්නා බවත්, දැනට නේවාසිකව සිටින රෝගීන් අවට රෝහල් කරා යොමු කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
සායන සඳහා සහභාගි වූ රෝගීන්ට තැපැල් මගින් ඖෂධ නිවසටම ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවා.




