මේ වන විට හුදෙකලා කර ඇති පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කර තබන්නේ ද, නොමැති නම් එම පොලිස් වසම්වලින් කොරෝනා ව්‍යාප්තියක් සිදුනොවන ප්‍රදේශයන් හුදෙකලා භාවයෙන් මුදා හරින්නේ ද යන්න මේ සති අන්තයේදී කරන විශ්ලේෂණයේදී තීරණය කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොරෝනා අවදානමක් පවතින ප්‍රදේශවල පමණක් හුදෙකලාව පවත්වාගෙන යාමටත් අනෙකුත් ප්‍රදේශයන් යළි විවෘත කිරීමට අවධානය යොමු වී ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.
මීට අදාළව විශ්ලේෂණයන් දිනපතා කරන බවත් මෙම සති අන්තයේ කරන විශ්ලේෂණයෙන් පසුව මීට අදාළ තීරණය ගන්නා බව ද ඔහු පැවසුවා.
අවදානමක් නොමැතිව ප්‍රදේශ නිකරුණේ හුදෙකලා කිරීමට අවශ්‍ය නොවන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.