ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පත් කරන සාමාජිකයින්ගේ නම් මෙතෙක් පාර්ලිමේන්තු සභාවට ලැබී නොමැති බව පාර්ලිමේන්තුව පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ජනාධිපතිවරයා විසින් ලබා දෙන නම් සම්බන්ධ නිරීක්ෂණ පාර්ලිමේන්තු සභාව විසින් යළි ජනාධිපතිවරයාට යොමු කරන බවයි.එහෙත් මේ දක්වා නව සාමාජිකයින් සඳහා සුදුසු යැයි සැලකෙන පුද්ගලයින්ගේ නම් තම සභාවට යොමු කර නොමැති බව ඔහු ප්‍රකාශ කළේ ය.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය 12 වැනිදා අවසන් විය.එම කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණේ , 2015 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ය.ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වූ අතර මහින්ද දේශප්‍රිය මහතා එහි සභාපති ලෙස කටයුතු කළේ ය.
මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් විය.20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නව කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.




