ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් 5දෙනෙක් ඉවත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍යවරුන් වන පුෂ්පිත උබයසිරි, සුනිල් රත්නප්‍රිය, උපුල් ගුණසේකර යන 5දෙනා මෙලෙස ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු සාමාජිකයන් පවසන්නේ වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නැති නිසා තමන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වෛද්‍ය සභා ආඥාපනත උල්ලංඝනය කිරීමක් බවයි.
නමුත් මොවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය ප්‍රමාද කිරීම, විදේශ උපාධිධාරීන්ගේ විභාගය කල් දැමීම, විනය ක්‍රියාමාර්ග සිදු කිරීමේ දී අකටයුතුකම් සිදු කිරීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන්ට ඊ.ආර්.පී.එම් විභාගය ලිවීමට අවස්ථාව ලබා දීම, විදේශ විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම නිසි පරිදි සිදු නොකිරීම යන චෝදනා සඳහා වැරැදිකරුවන් බවයි ඇමතිවරිය කියා සිටියේ.