මාර්ග සංඥා අසළ යාචකයින්ට මුදල් ලබාදෙන රියැදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ මහතා සදහන් කළේ මාර්ග සංඥා පුවරුවේ කොළ සංඥාව ලැබීමෙන් පසුවද යාචකයින්ට මුදල් ලබාදීම් හෝ මාර්ග සංඥාවල වෙළෙදාමේ නිරත පුද්ගලයින්ගේ භාණ්ඩ මිලදී ගැනීම් සිදුකර පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බවයි.
එමෙන්ම මාර්ග සංඥා අසළ සිටින යාචකයින්ට එරෙහිව ජාතික මංමාවත් පනතේ 50 වැනි වගන්තිය යටතේ නීතිමය පියවර ගන්නා බව ද ඔහු පැවසුවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින යාචකයින් සැබෑ යාචකයින් නොවන බවත්, ඔවුන් ව්‍යාපාරයක් වශයෙන් එය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු පෙන්වා දුන්නේ එම යාචකයින්ට හාම්පුතුන් සිටින බවත්, රැකියාවක් ආකාරයෙන් සිගමනේ යන මෙම පුද්ගලයින් සවස් කාලයේ එකතු කරගන්නා මුදල් හාම්පුතුන්ට ලබාදෙන බවයි.
ඉන් කොටසක් මොවුන්ට වැටුපක් ලෙස හිමිවන බව ද අජිත් රෝහණ මහතා හෙළිදරව් කළා.
ඒ අනුව ව්‍යාපාරි ලෙස යාචක වෘත්තියේ නියැලෙස පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට සදහන් කළා.




