අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාවට නංවන "වාරි සෞභාග්‍යයා" කඩිනම් වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය අද මහවැලි "එල්' කලාපයේ කිරිඉබ්බන් වැව, ඇතාවැටුණ වැව සහ වෙහෙරතැන්න කොට්ඨාස ආශ්‍රිතව ආරම්භ කළා.


මේ යටතේ "එල්" කලාපයම ආවරණය වන පරිදි කෘෂි නිෂ්පාදන කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 39ක වියදමකින් වැව් 8 ක් සහ ප්‍රධාන අමුණු 2 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණය වන අතර, ඉන් සහන්වැව සහ හංසවිල වැව සංවර්ධන කටයුතු ගොවි ජනතාවගේ සහභාගීත්වය සහිතව අද ආරම්භ කළ අතර, ඒ තුළින් වසර 25කට ආසන්න කලයක් නිසි පරිදි වගා කිරීමට නොහැකි වූ කුඹුරු අක්කර 150 කට වැඩි ප්‍රමාණයක් දෙකන්නයම වගා කිරීමට හැකි වී ගොවි සහ ධීවර පවුල් 200කට පමණ ස්ථීර ජීවනෝපාය මාර්ගයක් හිමි වේ.