නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් බුද්ධි අංශ යොදවා එම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව යම් පුද්ගලයෙකු නිරෝධායන කාලසීමාව තුළ බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇත්නම් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කොරෝනා ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් පසුගිය 11 වන දින සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.