අද සිට හදුනාගත් කණ්ඩායම් සදහා ක්ෂණික ප්‍රතිදේහ ජනක (Rapid Antigen Test) පරීක්ෂාව සිදුකිරීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශකළා.ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අනුමැතිය ලබාදුන් බවයි සුදත් සමරවීර මහතා සඳහන් කළා.
කොරෝනා රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ සහිතව රෝහල් වලට පැමිණෙන පුද්ගලයින්ද මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා සදහන් කරයි.
මේ අතර යම් සැකසහිත මෘත දේහයක් පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කිරීමට පෙර ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම පරික්ෂාව නෙගටිව් වුවහොත් නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.




