කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගාව රිෂාඩ් ට දෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර


විනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

විල්පත්තුව අභයභූමියට අයත් කල්ලාරු වනාන්තරයේ අක්කර 2500කට ආසන්න ප්‍රමාණයක සිදු කළ වන විනාශය සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව ගැන පරිසර අමාත්‍යාංශය ලෙස අවධානයෙන් සිටින බව ඔහු පැවැසීය. වැඩිදුරටක් ඒ මහතා සදහන් කළේ,

“අධිකරණ තීන්දුවේ පිටපතක් අපිත් ලබා ගන්නවා. විනාශ කරපු ගස් සම්බන්ධ වාර්තාවක් අපිත් හදනවා. ඒ වගේම ඊට වැය වන මුදල් සම්බන්ධව අපිත් වාර්තාවක් ඉදිරිපත් කරනවා. විනාශ කරපු කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කාර්යය රිෂාඩ් බදියුදීන්ට බාර දෙනවා දැයි සමහරු මගෙන් විමසනවා.

කිසිසේත්ම ඔහුට පැළ සිටුවන්නට අපි බාර දෙන්නේ නැහැ. අධිකරණ නියෝගය අනුව ඔහු විසින් කළ යුත්තේ වන විනාශය සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කරන ඇස්තමේන්තුවට අදාළ මුදල ගෙවීම පමණයි.කල්ලාරු වනාන්තරයේ යලි රුක් රෝපණය කිරීමේ කටයුතු සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ වගේම පරිසර අමාත්‍යාංශය විදියට අපිත්, මධ්‍යම පරිසර අධිකාරියත් ඒ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරනවා. ඒ වගේම මෙම තීන්දුව ලබා ගැනීම සඳහා කටයුතු කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිතුමා, විධායක අධ්‍යක්ෂතුමා හා අනෙකුත් නිලධාරින්ගෙන් මම ඉල්ලා සිටිනවා මෙම වැඩ පිළිවෙළ නිවැරදිව සිදුවෙනවා ද කියා නිරීක්ෂණය කරන ලෙස.

පරිසරවේදීන් විශාල පිරිසක් අපෙන් විමසා තිබෙනවා මෙම වන විනාශය සම්බන්ධ අධිකරණ තීන්දුව අනුව රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කරන ආකාරය පිලිබඳ පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීමක් කරනවාද යන්න ගැන. මම කියන්නේ අපිත් ඊට මැදිහත් වී නැවතත් එම වනාන්තරය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා”

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගාව රිෂාඩ් ට දෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර
කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගාව රිෂාඩ් ට දෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwIvenz6Ekuah3ueF9A04SEdvAioIl_CBcjQVN3t2NjDW5uakVRqNZ2WWr0GyoeQJNVL7gsqKVKV5nKas2fsGhnvNTuIN-QtBI2wnWYLwYAJ44sEjxK3H3EdnoukEBWndByOnJNVmWFx4/s16000/Qr7RdnMuYxjhigY1PkewdLRT88NXMbWQ.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwIvenz6Ekuah3ueF9A04SEdvAioIl_CBcjQVN3t2NjDW5uakVRqNZ2WWr0GyoeQJNVL7gsqKVKV5nKas2fsGhnvNTuIN-QtBI2wnWYLwYAJ44sEjxK3H3EdnoukEBWndByOnJNVmWFx4/s72-c/Qr7RdnMuYxjhigY1PkewdLRT88NXMbWQ.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/mahindaamaraweera-kallaru.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/mahindaamaraweera-kallaru.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content