LPL පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ jaffna stallions කණ්ඩායම රැකගෙන සිටි වාර්තාව බිද දමන්නට colombo kings ඊයේ (04) සමත්වුණා.
ඒ තරඟාවලියේ 11 වන තරඟය ලෙස jaffna stallions එරෙහිව කඩුලු 06කින් ජය ගනිමින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනූ colombo kings පළමුව පන්දුවට පහර දීමට jaffna stallions කණ්ඩායමට ආරාධනා කළා.
මෙහිදී පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.
jaffna stallions ඉනිම ලකුණු 148ක් දක්වා ඉහළට ඔසවා තබන්නට වනිදු හසරංග තනිව සටනක නිරත වුණා.
එහදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.
අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පිළිවෙලින් ලකුණු 26ක් සහ 21 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී කේයස් අහමඩ් කඩුලු 03ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02ක් බිද දමනු ලැබුවා.
ඒ අනුව ජයග්‍රගණය සඳහා ලකුණු 149 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි colombo kings කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු දෙකකදී පසුකර ගියා.
එහිදී colombo kings වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 64ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
එමෙන්ම අන්ඩ්රේ රසල් පන්දු 20කදී ලකුණු 32ක් ලබාගත්තා.




