රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදි දැනුම්දෙනු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.
ලෝක වසංගතයක් හමුවේ සිටින ශ්‍රී ලංකාවත් රටේ ජනතාව රට බේරා ගැනීම සඳහා උත්සව යම්කිසි පාලනයක් යටතේ පවත්වාගෙන යන බවත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය ජනතාව හැසිරෙන ආකාරයට කොවිඩ් පාලනයවීම තීරණය වන බවත් ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමටවත් හුදකලා කිරීමටවත් තවම බලාපොරොත්තුවක් නොමැති නමුත් 22 වනදා 23 වනදා වනවිට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් ගනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
කුකුළේ ගඟ ප්‍රදේශයේ පිහිටි සාමසාධක පුහුණු ආයතනයෙහි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවකට අද (16) පෙරවරුවේ එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.