අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.
කාලේ බෝතල් භාවිතය හේතුවෙන් පාරිසරික හානියක් සිදුව ඇතැයි පරිසරවේදීන් මෙන්ම විද්වතුන් පෙන්වා දෙනවා.
මෙරට වාර්ෂික කාලේ බෝතල් නිෂ්පාදන ධාරිතාව බෝතල් මිලියන 120 ක් වනවා.
ඉන් බෝතල් මිලියන 18 – 20 අතර ප්‍රමාණයක් මත්පැන් සඳහා භාවිත කෙරෙන්වා.
60 % කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.
අයකරනු ලබන තැන්පතු ගාස්තුව කොපමණ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර පරිසර අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඒ පිළිබඳව නිගමනයකට එළැඹීමට නියමිතයි.
මෙම තීරණය ක්‍රියාවට නැංවීමට මත්පැන් නිෂ්පාදකයින් අපොහොසත් වන්නේ නම් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අවධාරණය කළේ.




