සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් දිවයිනම ආවරණය වන කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙහි ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
කෘෂිකර්මාන්තයට අදාළ සියළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුළත් වෙයි. හම්බන්තොට හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තොරතුරු ඒකරාශී කිරීම මේ වනවිටත් අවසන් අතර දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු මේ වන විට සිදුවන බව අදාළ නිලධාරීන් මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට දැනුම් දුන්නේ ය. යාවත්කාලීන මෙන්ම සත්‍ය තොරතුරු පමණක් යන වගකීම ප්‍රමුඛ කොට මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.




