මාර්තු 20 දිනට පෙර ඇණවුම් ඉටු කිරීම සඳහා මිලදී ගත් වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ) රජයෙන් ඉල්ලා තිබෙනවා.
ජපාන තානාපති කාර්යාලයට මිලදී ගත් වාහන පිළිබඳ තොරතුරු ලබා දී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. නිශාන්ත මීගල්ල මහතා පැවසුවේ.
වාහන 1,364 කට ආසන්න සංඛ්‍යාවක වාහන නැවැත්වීමේ හිඟ මුදල් ගෙවීම හේතුවෙන් දැඩි අලාභයන්ට මුහුණ දෙන බව පවසමින් සංගමය කියා සිටියේ සේවා නඩත්තු කිරීම දුෂ්කර වී ඇති බවයි.
දේශීය පාරිභෝගික අවශ්‍යතා අනුව මිලදී ගෙන නිෂ්පාදනය කරන ලද සියලුම වාහන වෙනත් රටවලට විකිණීමට නොහැකි බැවින් පාඩු පියවා ගැනීම සඳහා මෙම වාහන ආනයනය කිරීමට අවසර ඉල්ලා සිටින බව නිශාන්ත මීගල්ල මහතා පැවසුවා.
නිෂ්පාදන පිරිවැය නොතකා වාහන වෙනත් රටවලට විකුණනු ලැබුවහොත් ඒවා පිරිවැයෙන් අඩකට විකුණා දැමිය යුතු බවයි ඔහු තවදුරටත් පැහැදිලි කළේ.
සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය කිරීම මාස තුනකට අත්හිටුවන ලෙස මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බැංකුවලට උපදෙස් දී තිබුණා.
COVID-19 වසංගත තත්ත්වය යටතේ සුමට මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීම සඳහා වෙළඳපොලේ ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් සහතික කිරීමට මෙම තීරණය ගෙන තිබෙනවා.




