බන්ධනාගාරවල වීඩියෝ සන්නිවේදන තාක්ෂණය අඟුනකොලපැලැස්සෙන් අරඹයි. ශ්‍රී ලංකා බන්ධනාගාර සම්ප්‍රදාය නව මාවතකට යොමු කරමින් නව තාක්ෂණය උපරිමෙන් ම යොදාගෙන හදුන්වා දුන් යෙදවුම් හා වීඩියෝ තාක්ෂණ සන්නිවේදන ක්‍රමවේදය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිදුන් විසින් අද අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේදී ආරම්භ කෙරිණ. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර රැඳවියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා සහ බන්ධනාගාරවල ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, පවුල අයට හා අමුත්තන්ට ඔවුන්ගේ පහසුව සඳහා වේලාවක් වෙන් කරවා ගනිමින් බන්ධනාගාර ගත රැඳවියන් හමුවීමට පැමිණෙන අයට පහසුකම් සැලසීම සඳහා වෙබ් යෙදුමක් හඳුන්වා දී ඇත. බන්ධනාගාර වෙත පැමිණෙන අමුත්තන්ගේ තදබදය අඩු කිරීම සහ ඔවුන්ට පහසු වේලාවක් වෙන් කරවා ගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරි කර ගැනීම සහ බන්ධනාගාර පරිශ්‍රයේ රැඳී සිටීමේ අපහසුතාවය අවම කිරීම අපේක්ෂා කරන ලදී.
අමුත්තන්ට වෙබ් යෙදුමට ලොග් වී තමන් සහ රැඳවියා පිළිබඳ තොරතුරු, සංචාරයේ දිනය හා වේලාව ඇතුළත් කළ හැකි අතර පසුව ප්‍රමාදයකින් තොරව බන්ධනාගාරයට පැමිණිය හැකිය. තවද, COVID-19 හි වර්තමාන වසංගතය හේතුවෙන් අමුත්තන්ට බන්ධනාගාරයට ඇතුළුවීම වලක්වා ඇත. එහෙත්, වසංගතය පහව ගිය පසු ඉහත පහසුකම් නරඹන්නන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම ක්‍රමයේ කොටසක් ලෙස අමුත්තන්ට වීඩියෝ ඇමතුම් තාක්ෂණය හරහා වීඩියෝ රැඳවියන් දැක බලා ගැනීමටත් කතා කිරීමටත් පහසුකම් ලබා දී ඇත. පෙර පැවති ක්‍රමවේදය මෙන්, අමුත්තන්ට ඔවුන්ගේ සහ රැඳවියන්ගේ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ හැකි අතර වීඩියෝ ඇමතුමක් මගින් රැඳවියා බැලීමට කාලය සහ දිනයක් වෙන් කර ගත හැකිය. මෙම සේවාව මඟින් සිරකරුවන්ට ශාරීරික චාරිකා කළ නොහැකි අවස්ථාවන්හි දී ඔවුන්ගේ පවුල් බැලීමට අවස්ථාව ලබා දේ. එසේ එය නරඔන්නගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරයි.