දිවයින පුරා පිහිටි ගංගා 103 ක පවිත්‍රතාව රැක ගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ ( 03) පැවති පරිසර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේවන මෙරට පවතින ගංගා බොහෝමයක් ඉතා ශීඝ්‍ර ලෙස දූෂණය වෙමින් පවතින බවත් මේ නිසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගංගා හරහා මුහුදට සහ අවට පරිසරයට එක්වන බවත් එ් මහතා පෙන්වා දුන්නේය.
එබැවින් ගංගා ආරම්භවන ස්ථානවල සිට පවිත්‍රතාවය වෙනුවෙන් අදාල බලධාරීන්ට නිල වශයෙන් අදාල වගකීම් ලබා දෙමින් ජනතාවගේද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව ඉදිරි කාලය තුළ ‘’සුරකිමු ගංගා’’ නමින් ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.




