ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් 541 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 10 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 300 කි.
ඊට අමතරව,
*ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 52ක්
*කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 37 ක්
*නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 28ක්
*රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 27ක්
*මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 16 ක්
*ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 12
*මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 13ක් වශයෙන් ආසාදිතයින් හඳුනා ගෙන ඇත.
ඉතිරි ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.




