
- කොවිඩ් ආසාදිත 785ක් සුවය ලබයි
- අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුට කොවිඩ්
- දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩි වි ඇත
- එළවළු වෙළෙඳපොළක 58 කට කොවිඩ්
- බදුල්ල මහ රෝහලේ සේවය කරන 15දෙනෙකු නිරෝධායනයට
- වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කෙරේ
- මහනුවර රෝහලේ උපපොලිස් පරීක්ෂකවරයෙක්ට කොවිඩ්
- සබරගමුව විශ්වවිද්‍යාලයේ සේවිකාවකට කොරෝනා
- බඩල්කුඹුර – අලුපොත ගම්මානය අද සිට හුදෙකලා කිරීමට පියවරගෙන ඇත.
- කොවිඩ් ආසාදිත 785ක් සුවය ලබයි
- බඩල්කුඹුර – අලුපොත ගම්මානය අද සිට හුදෙකලාවේ.
- බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වැසෙයි
- A/L පිළිතුරු පත්‍ර පරීක්ෂකයකුට කොවිඩ්
- වැලිසර ළය රෝහලේ සිටි කොවිඩ් රෝගියෙකු පලායයි
අද කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 785දෙනෙකු සුවය ලබා තිබේ.
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34121ක් වන අතර ඉන් 25652 දෙනෙකු සුවය ලබා 8312දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබයි.
කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද දහවල් වන විට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 157කි.
අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙකුට කොවිඩ්
ඇගේ පෙම්වතිය වන ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කරන ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ එම පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කර තිබේ. මීට පෙරද රොටුඹ ප්‍රදේශයේ පදිංචි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන අයකු නිවසට පැමිණ නැවත සේවයට ගිය පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී තිබූ බව අනාවරණය විය.
දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩි වි ඇත
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 324දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 153දෙනෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 35 දෙනෙකු වාර්තා වි ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 794කට අයත් පුද්ගලයින් 2011 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින් 1054 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 348කට අයත් පුද්ගලයින් 639 දෙනෙකු ලෙස දකුණු පළාතේ පවුල් 1511කට අයත් පුද්ගලයින් 3074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද වාර්තාවේ.
එළවළු වෙළෙඳපොළක 58 කට කොවිඩ්
යාපනය, උඩුවිල් මරදනාමඩම්හි එළවළු පොදු වෙළෙඳ පොළෙහි කොරෝනා ආසාදිතයින් 58 දෙනෙකු දින 5 ක කාලයක් තුළ හඳුනා ඇති බව වාර්තා වේ. එළවළු ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියැදුරෙකුට හා පවැගේ අයට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. එම වෙළෙඳ පොළට ගිය සහ එහි වෙළෙන්දන් ඇසුරු කරන ලද පුද්ගලයන්ට ළඟම පිහිටි සෞඛ්‍ය නිලධාරී කාර්යාල හෝ ආරක්ෂක ස්ථාන වෙත ගොස් ලියාපදිංචි වී නිරෝධායනය වන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී.
බදුල්ල මහ රෝහලේ සේවය කරන 15දෙනෙකු නිරෝධායනයට
එම රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකගේ සැමියාට කොවඩ් ආසාදානය වී ඇත. ඇය සංවිධානය කල කළ මංගල උත්සවයකට 15දෙනා සහභාගී වී ඇති අතර එහි සිටි ඇයගේ සැමියා ඇතුළු වරාය සේවකයන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරුවී ඇත. ඔවුන් බදුල්ල හිදගොඩ, හාලිඇල කන්දෙගෙදර සහ හාලිඇල කැටවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් සියලුදෙනාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කෙරේ
දෛනිකව කොවිඩ් ආසාදිත රෝගීන් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් හඳුනාගැනීම සැලකිල්ලට ගෙන මෙම රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමටකොවිඩ් මර්දන කාර්ය සාධක ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද(16) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මහනුවර රෝහලේ උපපොලිස් පරීක්ෂකවරයෙක්ට කොවිඩ්
මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) තහවුරු වීමත් සමඟ පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .
සබරගමුව විශ්වවිද්‍යාලයේ සේවිකාවකට කොරෝනා
විශ්වවිද්‍යාලයේ රසායනික තාක්ෂණ අංශයේ සේවිකාවක් වන ඇය සමග සේවය කළ තවත් සේවකයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
බඩල්කුඹුර – අලුපොත ගම්මානය අද සිට හුදෙකලාවේ.
අලුපොත ගම්මානයෙන් කොවිඩ් ආසාදිතයින් 24දෙනෙකු හමුවීමත් සමග මෙම තීරණය ගත් බවයි.පසුගිය 10 වැනිදා එම ගම්මානයේ පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි කාන්තාවක්ද කොවිඩ් ආසාදනයවීමෙන් මියගොස් ඇත. ඇගේ පවුලේ සාමාජිකයෙක් කොළඹ මරදාන ප්‍රදේශයේ සිට නිවසට පැමිණ ඇති බව වාර්තාවේ.
බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වැසෙයි
සේවකයකු කොවිඩ් -19 ආසාදිතයකු බව තහවුරු වීමත් සමග දෙපාර්තමේන්තුව ඊයේ (15 වැනිදා) සිට තාවකාලිකව වසා දමා ඇත. එම දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය ස්ථානාපතිවරුන් දෙදෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ සිව්දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
A/L පිළිතුරු පත්‍ර පරීක්ෂකයකුට කොවිඩ්
පන්නිපිටිය ධර්මපාල විදුහල් විභාග මධ්‍යස්ථානයේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පිළිතුරු පත් ඇගයීම් කරමින් සිටි පරීක්ෂකවරයකුටද කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා ඔහු සමග සමීපව කටයුතු කළ තවත් පරීක්ෂකවරයකු නිරෝධායනයට ලක් කර තිබේ.
එම මධ්‍යස්ථානය විෂබීජහරණයට ලක් කර පිළිතුරු පත් ඇගයීම් සාමාන්‍ය පරිදි සිදු කරන බව වාර්තාවේ.
වැලිසර ළය රෝහලේ සිටි කොවිඩ් රෝගියෙකු පලායයි
43 හැවිරිදි ඔහු ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් ඇත. මරදාන ප්‍රදේශයේ පදිංචි මෙම ආසාදිතයා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත්ව තිබෙන්නේ ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීමටයි. පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු හදුනාගෙන තිබේ.ඔහු සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.