2020.10.15 දිනැති අංක 2197/25 දරන අති විශේෂ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 1925.08.28 දිනැති අංක 7481 දරන ගැසට් පත්‍රයේ 97 වන රෙගුලාසි ප්‍රකාරව පොදු ප්‍රවාහන මොටර් රතයක මගීථයක මගින් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු රෝග වැළැක්වීමේ පියවරයන් නිශ්චය කිරීමේ බලතල ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මගීන් ප්‍රවාහනය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව ඔහු පොදු මගී ප්‍රවාහන බස් රථ තුල මගින් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන යා යුතු අතර කිසිදු අවස්ථාවක මගින් සිට ගෙන රැගෙන යාම නොකළ යුතුය.
එම විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කිරීමේදී 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ බස් රථයේ රියැදුරු කොන්දොස්තර හා රථයේ හිමිකරු ට එරෙහි ව නීත්‍යානුකූලව කටයුතු කරන බව නිවේදනය කරයි.