කොවිඩ් වංසගතයත් සමග සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටපුරා පාසල් 120 ක සුවතා කාමර පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, අමෙරිකාවේ සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ආධාර යටතේයී.
කොවිඩ් වෛරසයට එරෙහි මූලික පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දී ඇති නිර්දේශවලට අනුව එම සුවතා කාමර ඉදි කෙරෙනු ඇති.
ඊට ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල, විවිධ ස්ථානවලට ගෙනයා හැකි තිර සහ බෙහෙත් ශාලා ඇතුළත් වනවා.
එම සුවතා කාමර පිහිටුවන්නේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මොණරාගල සහ ගම්පහ පාසල්වලයි.
කොරෝනා පැතිරීම වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සෑම විටම සහාය දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළා.




