වර්තමානයේදී අන් කවරදාටත් වඩා බුදුදහම කෙරෙහි ලොව පුරා බොහෝ ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාවයක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජාත්‍යන්තරය හා බුදු දහම සම්බන්ධවීමට නම් ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍ය බවත් එබැවින් අනාගත පරපුර බෞද්ධ දර්ශණය මෙන්ම ජාත්‍යන්තර භාෂාවන් ප්‍රගුණ කල යුතු යැයිද අමාත්‍යවරයා කියා සිටියි.
මහනුවර හන්තාන සඳගිරිසෑ විහාරස්ථානයේ අද(28) පැවති ආගමික වැඩසටහන් කිහිපයකට එක් වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
වර්තමානය වන විට සෑම අංශයක්ම නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය හමුවේ විශාල පරිවර්තනයකට ලක්වෙමින් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය යහපත් ලෙස යොදා ගනිමින් අනාගත පරපුරට රට නිවැරදි දිශාවකට යොමු කල හැකි බවද පැවසීය.




