ලබන 01වැනිදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමේ අවස්ථාව යළි ලබා දීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව, රිමාන්ඩ් සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ලේ ඥාතියෙකුට අවස්ථාව ලබා දීමට නියමිතයි.
සතියකට එක් දිනක් පමණක් ඊට අවස්ථාව ලබා දෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් කිසිදු අවස්ථාවක ආහාර රැගෙන ඒමේ අවස්ථාවක් නොමැති අතර, රැඳවින්ට ඇඳුම් පමණක් ලබා දීමට අවස්ථාව සැලසීමට තීරණය කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර සිරකරුවන්ට සිය ඥාතීන්ට හමුවිය හැකි වන්නේ මාසයකට එක් දිනක් පමණක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.




