සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇති බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ.
නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට අදාළ මුලික කටයුතු මේ දිනවල සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති පොලිස් නිලධාරීන්ට එරෙහිව පනවා ඇති නඩු විභාග කඩිනම් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසනවා.
චෝදනාවලට වැරදිකරුවන් වන නිලධාරීන්ට දැඩි දඬුවම් නියම කරන්නැයිද නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි එහි ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කළේ.




