ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නිෂ්පාදන සමාගම් ඇතිකිරීමට සැලසුම්


කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. 

විදේශ ආධාර හා ණය ව්‍යපෘති මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව සමඟ නිසි සම්බන්ධීකරණයෙන් සිදුවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණ. එසේම එම ව්‍යපෘති සඳහා ආධාර ලබාදෙන කණ්ඩායම් තෝරාගැනීමේ දී දුෂ්කර ප්‍රදේශ මෙන්ම දරිද්‍රතාවය යන කරුණු දෙකටම ප්‍රමුඛත්වය ලබාදෙමින් තෝරාගැනීම් සිදුකරන ලෙස මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් දුන්නා. විදේශ ආධාර ව්‍යාපෘති පිළිබඳ සියලු දේ ගැන අමාත්‍යාංශය දැනුවත් කරන්න. ආධාර කණ්ඩායම් තෝරාගැනීමේ දී දුෂ්කර ප්‍රදේශ තෝරාගැනීමේ දී එකම දිස්ත්‍රික්කයකට නැතුව දිවයින පුරා සාධාරණ ලෙස බෙදාදෙන්න. ඒ වගේම දුප්පත් ගොවි ජනතාව වෙනුවෙන් මේ ආධාර යොදවන්න නැත්නම් එකම ප්‍රදේශයක එකම ගොවියා විදේශ ආධාර ව්‍යාපෘති 2 කින් 3 කින් ආධාර ගන්න අවස්ථාවක් තියෙනවා. දිවයිනේ සමහර ප්‍රදේශවලට මේ වැඩසටහන් යන්නෙම නෑ. ඒ වගේම තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කරන්න. වැව් අමුණු සකස් කිරීමේ වැඩසටහන් කොන්ත්‍රාත්කාරයන්ට නොදී ගොවි සංගම්ල වැව් සමිතිවලට ලබාදීලා ඒ මුදල් පිටට යන්න නොදී ගොවියාගේ අතට ලැබෙන විදියට ක්‍රියාත්මක කරන්න. ලංකාවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 516 ක් තියෙනවා. මේ හරහා කෘෂි නිෂ්පාදන සමාගම් ඇතිකරලා ගොවියා ව්‍යවසායකයා කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කරන්න. විශේෂයෙන් ලක් පොළොවට අසීමිත පොහොර යොදාගැනීමේ බරපතල ගැටළුවක් තියෙනවා. මේ පොහොර භාවිතය මිනිසුන් දැන දැන මරණ වැඩක් වගේ එකක්. අධික රසායනික පොහොර භාවිතයෙන් මසකට ඇස් නොපෙනෙන දරුවෝ 30 ක් උපදිනවා කියලා වාර්තාවෙනවා. ඒ වගේම නිල්පාට දරුවෝ උපදිනවා. මාසයකට වකුගඩු රෝගීන් 100 ක් බිහිවෙනවාග පොහොර මාෆියාව මේ සියලු තොරතුරු වහගෙන ඉන්නේ. මේ විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕන මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන විදියට. ඒ නිසා පස් පරීක්ෂා කොට පොහොර ලබාදීමේ වැඩපිළිවෙල වගේම කාබනික පොහොර භාවිතයට ගෙන යන වැඩපිළිවෙලට විදේශ ආධාර ව්‍යාපෘතිවලින් අවශ්‍ය සහයෝගය දෙන්නග හැමෝම හිතන්නේ මේ ආධාර පිටරටවලින් නිකං දෙනවා කියලාග ඒත් රජය ණය ආධාර ලෙස මේවා ගොඩක් ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිලාභ සාධාරණ ලෙස ගොවිජනතාවට වගේම ඵලදායී ලෙස රටේ ජාතික නිෂ්පාදනයට එක්කළ යුතුයි” යනුවෙන් කරුණු ගණනාවක් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විශේෂ ආධාර ව්‍යාපෘති හරහා 2021 දිවයින පුරා කුඩා වැව් 216ක් නවීකරණය කිරීමට නියමිත බව ද මෙම සාකච්ඡාවේ දී හෙළි වුනා. එසේ ම දිවයින පුරා විවිධ බෝග සඳහා බීජ නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලියට ගොවි ජනතාව උනන්දු කරවන වැඩ සටහන් රැසක් ද මේ හරහා ක්‍රියාත්මකයි.

මෙහි දී අදහස් දැක් වූ ආචාර්ය යසින්තා මාපටුන මහත්මිය ප්‍රකාශ කළේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ කෘෂි වෙළෙඳාම සඳහා තරුණ පිරිස් යොදා ගැනීමේ වැඩසටහන් දිවයින පුරා දුෂ්කර පළාත්වල ක්‍රියාත්මක බවයි.

මෙහි දී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ප්‍රකාශ කළේ කෘෂිකර්මයට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බවයි. මධ්‍යම ආණ්ඩුවල පළාත් සභාවල විදේශ ආධාර ව්‍යාපෘති සියල්ල නිසි සම්බන්ධීකරණයක් නැති වීම ගැටළු රැසක් මතු කර ඇති බවත් විදේශ ව්‍යාපෘතිවල සියලු තොරතුරු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක මෙහෙයුම් කාර්යාලය දැනුවත්ව සිදු විය යුතු බවත් අමාත්‍යෘංශ ලේකම්වරයා අවධාරණය කළේ ය.

බෝග 16කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික වැඩපිළිවෙල සමඟ සම්බන්ධීකරණය වෙමින් විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණි.

 කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යාපෘතිවල ප්‍රධානීන්, ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නිෂ්පාදන සමාගම් ඇතිකිරීමට සැලසුම්
ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නිෂ්පාදන සමාගම් ඇතිකිරීමට සැලසුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy9tbbsJOmK8XUy57IkG6l8BshBRKKbr1AnQ52QlE6XyofELFsjNl5xq5mYe39sRE_iH35rmu8S_SaP_nzncj6BCHptcajk0MwU62TFs-ENKP8KZklmwjdSOrlcedQA9OVzbTWWkK3PpU/s16000/f66862a5-d406b0ff-9395fd6b-agriculture-ministry_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy9tbbsJOmK8XUy57IkG6l8BshBRKKbr1AnQ52QlE6XyofELFsjNl5xq5mYe39sRE_iH35rmu8S_SaP_nzncj6BCHptcajk0MwU62TFs-ENKP8KZklmwjdSOrlcedQA9OVzbTWWkK3PpU/s72-c/f66862a5-d406b0ff-9395fd6b-agriculture-ministry_850x460_acf_cropped_850x460_acf_cropped.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/blog-post_2.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/blog-post_2.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content