බලගතු සමාජ මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා ගෝලීය නීති රාමුවක් සැකසිය යුතු බව ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා පවසනවා.
නිව්යෝක් නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සමාජයට බලපා ඇති තීරණාත්මක ප්‍රකාශ පාලනය කිරීමේ බලතල සමාගම් කිහිපයක් සතුව පැවතීම අනතුරුදායක බවයි.
විශේෂයෙන් Twitter සහ Facebook සමාජ මාධ්‍ය පිළිබඳව ජගත් මහ ලේකම්වරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.
පසුගියදා අමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ඇති වූ කලහකාරී සිදුවීම්වලට ජනපති ට්‍රම්ප්ගේ Twitter සටහන් ඉවහල් වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
එහිදී ජනපති ට්‍රම්ප්ගේ Twitter ගිණුම අත්හිටුවීමට පියවර ගැනුණා.
ජගත් මහ ලේකම්වරයා කියා සිටියේ එවැනි තීරණ සමාගමක් විසින් නොව, නිසි යාන්ත්‍රණයක් මගින් වළක්වාලීමට පියවර ගත යුතු බවයි




