මෙරටින් කාරෝනා ආසාදිතයින් 403 දෙනෙකු ඊයේ (03) දිනය තුළ මෙරටින් වාර්තා වු අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු නොකළ පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වී තිබූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබු බව එම මධ්‍යස්ථානය සදහන් කළා.
ඒ අනුව සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 44,774 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 37,252කි.
කොවිඩ් - 19 ආසාදිතයින් 7,309 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
මේ වනවිට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 213ක් ලෙස දැක්වෙනවා.