2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද ඇරඹේ


2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වෙයි.

ඒ අනුව නව වසරේ රැස්වෙන ප්‍රථම සභාවාරය වෙයි කෙසේ නමුත් කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව සකස් කළ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිවිසීමට ජනමාධ්‍යවේදීන්ට අවසර ලබා දී තිබේ.

ජනවාරි 05 වැනි අඟහරුවාදා සිට ජනවාරි 07 වැනි බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ. ජනවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 09.30 සිට පස්වරු 04.30 දක්වාය.
ජනවාරි 05 වැනිදා සහ 07 වැනිදා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනා විවාදයට ගනු ඇත. සභාව කල් තැබීමේ විවාදයන් පස්වරු 4.30 සිට 5.30 දක්වා පැවැත්වේ.
එළඹෙන ජනවාරි 06 වැනිදා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පස්වරු 4.30ට විවාදයට ගනු ලබන අතර, ජනවාරි 08 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව යෝජනාව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත. ජනවාරි 08 වැනිදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පන 03 ක් විවාදයට ගැනේ.

මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනිමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.
මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනයක මහතා සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද ඇරඹේ
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද ඇරඹේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYm-1OuKB07i14WBIZqofdqwBAc__XdwluwlX2y7HCZ2wf8Rjznem8X7SUeow2zPn8y_nisKJqEOLv1pIGEDoKopXYWDOl6KyBSXMFFZUklxUb-jOe1g_IthPAFA8WmBsvBQ7ow_prTTs/s16000/lanka-m.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYm-1OuKB07i14WBIZqofdqwBAc__XdwluwlX2y7HCZ2wf8Rjznem8X7SUeow2zPn8y_nisKJqEOLv1pIGEDoKopXYWDOl6KyBSXMFFZUklxUb-jOe1g_IthPAFA8WmBsvBQ7ow_prTTs/s72-c/lanka-m.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/parliment-2021.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/parliment-2021.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content