Header Ads

උණුසුම් පුවත්

ගම්පහ මුල්‍ය ආයතනයක කොටි 4ක රත්‍රං හා මුදල් මංකොල්ලයක්


ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04 ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.

මේ දිනවල කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින් මූල්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළා.