Header Ads

උණුසුම් පුවත්

ඉදිරි වසර 04 තුළ ආනයන ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යනවා


ඉදිරි වසර 04 තුළ ආනයන ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට මෙරට කෘෂිකර්මාන්තය යොමුකරන බවත් බෝග 16 ක් මෙරට නිෂ්පාදනය කර ස්වයංපෝෂණය කිරීමට අපේක්ෂිත බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) කෘෂිකර්ම අමාතයංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුගිය අවුරුදු කිහිපයේ අපට ආනයනය මත යැපෙන ආර්ථිකයක් තිබුණු අතර, එම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුවෙහි සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ මෙරට ආර්ථිකය නිෂ්පාදිත ආර්ථිකයක් කරා ගෙනයාමට බලාපොරොත්තු වන බවත්, නිෂ්පාදනයේ ඇති අතිරික්තය අපනයනය කරන අභියෝගය පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

අප රටේ නිෂ්පාදනය කළ හැකි භෝග ගණනාවක් පසුගිය කාලය තුළ අපි ආනයනය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සිහිපත් කළේය. ඒ අනූව 2019 වසරේ අර්තාපල්, බී ළුූෑණු, වියළි මිරිස්, රතු ළුණු, බඩඉරිගු, කිරි පිටි සහ බීජ යනාදිය ආනයනය කිරීමට පමණක් මිලියන 2100ක් එනම් බිලියන 210ක් රජය වැයකර ඇති බවද, එම නිසා මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු දේ මෙරට නිෂ්පාදනය කිරීමට ජනපතිතුමන් තීන්දු කළ බවත්, ඒ අනූව කෘෂිකර්ම අමාත්‍යංශය මේ වන විට සිවු අවුරුදු සැලැස්මක් සකස් කර 2014 වන විට මේ සියල්ලෙන් ස්වයංපෝෂිත කිරීම සදහා වැඩපිළිවෙලක් සාදා ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වර්ෂ 2014 න් පසු මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි කිසිවක් මෙරටට ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බවද එසෙල මින් පෙර ආනයනය කළ සියලු දේ මෙරටෙහි නිපදවා ආර්ථිකයට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙරට නිෂ්පාදනය කළ හැකි බෝග 16ක් රජය හදුනාගෙන ඇති බවද, වී, මිරිස්, අර්තාපල්, ලොකු ළුූෑණු, රතු ළුූෑණු, බඩ ඉරිගු, උදු, මුං ඇට, කවුපි, සෝයා, තල, කුරහන් සහ රටකජු යන මෙම බෝග 16න් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයට ගමන් කරන අතර මේ වන විටත් මුං ඇට, කවුපි, රටකජු සහ තල යන බෝග 04 ස්වංපෝෂණය කර අවසන් බැවින් ඉතිරි බෝග 09 ඉදිරි වසර 04 තුළ රටෙහි නිෂ්පාදනය කිරීම රජයේ මූලික බලාපොරොත්තුව වී ඇති බවද කියා සිටියේය.

2019 වසරේ රටෙහි අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 243,728ක් වන අතර, අප රටෙහි මෙට්‍රික් ටොන් 101642ක් නිපදවා ඇති අතර අප ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් ප්‍රමාණය 142086කි. මේ සදහා මිලියන 6007ක් වැය කර ඇත. මෙලෙස බී ළුූෑණූ, වියළි මිරිස්, බඩඉරිගු, කිරිපිටි ආදිය විශාල මුදලක් වැයකරමින් ආනයනය කර ඇත. මේ සියල්ල සියයට සීයක් නිපදවීමට බලාපොරොත්තු වන බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම කන්නය ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්නක් ලබන කන්නය වන බවයි.

එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අතිරික්තයක් මෙම කන්නයෙහි නිපදවා ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය. ලංකා ඉතිහාසයේ දැවැන්තම වී නිෂ්පාදනය පසුගිය මහකන්නයේ වී කිලෝ ලක්ෂ 3.31ක් නිපදවූ බවද මෙම බීජ වගා කිරීම සදහා විශාල මුදලක් වැයකර ඇති අතර අර්තාපල් සීයට සීයකින් ස්වයංපෝෂිත කිරීමට රජය මෙම වසරේ මිලියන 393ක්ද බී ළුූෑණු සදහා මිලියන 616ක්ද මිරිස් සදහා මිලියන 1170ක්ද රතු ළුූෑණු සදහා මිලියන 318ක්ද බඩඉරිගු සදහා මිලියන 298ක්ද මෙම බීජ නිෂ්පාදනය වැඩිකර මෙය ව්‍යාප්ත කිරීම සදහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද පැවසුවේය.

මෙම බීජ නිපදවූ පසු වගාකිරීම සදහා ඉඩම් ලබාදීමට අර්තාපල් සදහා හෙක්ටයාර 7000ක්ද, බී ළුූෑණු සදහා හෙක්ටයාර 8000ක්ද, රතු ළුූෑණු සදහා හෙක්ටයාර 6000ක්ද බඩඉරිගු සදහා 148000ක්ද වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් භූමිය හදුනාගෙන ඇති බවද, මෙම භූමි වල භෝග වගාකර ඉදිරි වසර 04 තුළ රට ස්වයංපෝෂිත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අප රටට අවශ්‍ය කිරි වෙනුවෙන් දිනකට අතිවිශාල මුදලක් වැයකරන බවද, ඇමරිකන් මිලියන එකක කිරිපිටි ආනයනය කරන බවද සිහිපත්කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 06ක් වන අතර අපට ලැබෙනුයේ ලීටර් ලක්ෂ 02ක් වන අතර ලීටර් ලක්ෂ දෙකක අඩුවක් පවතින බවයි.

පසුගිය රජය විසින් මාකදුරේ නව නිෂ්පාදනාගාරයක් සාදා ඇති බවද, එය අගෝස්තු මාසයේ විවෘත කිරීමට බලාපොරොත්තු වුවද එහි සෑදීමට කිරි අප සතුව නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. එම නිසා කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රම 03ක් උපයෝගී කරගෙන ඇති බවද, අප රටෙහි සිටින ලක්ෂ 12ක් වන ගවයන් ගෙන් කිරි ලබාගන්නේ ලක්ෂ 2.5කින් පමණක් වන බවද තව ලක්ෂ 2.5ක් ගැබ් නොගන්නා බැවින් කිරිපිටි ලබාගත නොහැකි බවද, එමනිසා ප්‍රථම අදියර වශයෙන් කිරි ලබාගන්නා සතුන්ට නියම වෙලාවට ආහාර සහ ජලය ලබාදී ලීටර 02කින් කිරි වැඩිකරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

කිරි ලබාගන්නා සතුන්ගෙන් දිනකට සතෙකුගෙන් ලීටර් 3ක කිරි ප්‍රමාණයක් ලබාගන්නා බවත්, ලොව අන්රටවල් ගවයෙකුගෙන් දිනකට කිරි ලීටර් 10,15,30 වැනි ප්‍රමාණයන් ලබාගන්නා අතර මේ අවුරුද්දේ අයවැයෙන් සත්ත්ව නිෂ්පාදනය සදහා බිලියන 1.5ක් වෙන්කර ඇති බවද ඒ යටතේ නිසි වෙළදපොළක් ඇතිකිරීම සදහා කිරි නිෂ්පාදනය වැඩිකිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදන වැඩිකිරීම ආදී ව්‍යාපෘති ගණනාවක් ඇති බවද අවධාරණය කළේය.

ගොවිපොළ සදහා සියලු සේවකයන් බදවාගෙන ලක්ෂ 2.5ක් වන කිරි ලබාගත් සතුන් ප්‍රමාණය ලක්ෂ 05ක් දක්වා වැඩි කිරීමට ඉදිරි වසර දෙක තුළ බලාපොරොත්තු වන බවද කියා සිටියේය. ප්‍රධාන වතු සමාගම් සමග සාකච්ඡා කර මහාපරිමාණ ගොවිපොළ 05ක් ඇතිකිරීමට අපේක්ෂා කරන බවද එම සමාගම් විසින් දිනකට කිරි ලීටර් ලක්ෂයක් ඉදිරියේදී නිපදවීමට අපේක්ෂිත බවද පැවසුවේය.

නවසීලන්තයේ දෙවන විශාලම ආනයනකරුවා ශ්‍රී ලංකාව වන අතර අප කිරිපිටි ආනයනයට හුරුවී සිටින බවද සිහිපත් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අනිවාර්යයෙන් කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නවතා දියර කිරි ලංකාවේ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.