දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර

දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර ගැනේ. ගුවන් තාක්ෂණය පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීම එහි අරමුණයි. අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව ඒ සදහා ඉදිරි පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රත්මලාන ගුවන්තොටුපල පරිශ්‍රයේ (31) පැවති කොළඹ පියසැරි සංගමයේ උත්සවයකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ පියසැරි සංගමය (Colombo Flying Club )ආරම්භ වී ඇත්තේ 1934 වසරේදීය. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ජොන් කොතලාවල මහතාද මේ සඳහා මූලිකත්වය ගෙන තිබේ. 1935 දී රත්මලාන ගුවන්තොටුපල මෙරට පලමු ජාත්‍යන්තර ගුවන්තොටුපල ලෙස ස්ථාපිත කිරීමෙන් පසු කොළඹ පියසැරි සංගමය ද රත්මලාන ගුවන්තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක විය. එහෙත් පසුගිය යුධමය කාලසීමාව තුල මෙම නියමුවන් රහිත කුඩා ගුවන් යානා ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීමත් සමග එහි කටයුතු අඩාල විය. කොළඹ පියසැරි සංගමය මේ පිළිබඳව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානට යොමු කිරීමෙන් පසුව රත්මලාන ගුවන්තොටුපලේ විශේෂ ස්ථානයක් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීමට ඇමතිවරයා පියවර ගත්තේය. (31) එම ස්ථානය ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතින් විවෘත විය.

මෙම උත්සවයට සමගාමීව දුරස්ථපාලක සැහැල්ලු ගුවන්යානා ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. විවිධ මාදිලියේ දුරස්ථපාලක සැහැල්ලු ගුවන් යානා 35ක්ම මෙම ස්ථානයට රැගෙනවිත් තිබුණේ මීගමුවේ පදිංචි එඩ්වඩ් පෙරේරා මහතායි. ඔහු වයස අවුරුදු 11 සිට දුරස්ථපාලක සැහැල්ලු ගුවන්යානා නිෂ්පාදනයට සම්බන්ද වූවෙකි. ඔහු විසින් නිෂ්පාදිත වාෂ්ප මඟින් ක්‍රියාත්මක කරන දුරස්ථපාලක සැහැල්ලු ගුවන්යානයක් ද ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

කොළඹ පියසැරි සංගමය මේ වනවිට දුරස්ථපාලක සැහැල්ලු ගුවන්යානා ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය සමග ද සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ඩ්‍රෝන යානා සහ දුරස්ථපාලක සැහැල්ලු ගුවන්යානා වර්ග දෙකක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වෙන වෙනම නීති රීතී සැකසීමේ අවශ්‍යතාවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාසල් ගුවන් සමාජ බිහිකිරීමෙන් ගුවන් තාක්ෂණය පිළිබඳව දරුවන් උනන්දු කල හැකි බවත් එය ඉදිරියේදී පාසල් විෂය ධාරාවට ඇතුලත් කල හැකි බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ සඳහා කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කළේය. ගුවන් තාක්ෂණය ලෝකයේ ඉතා ඉහළ පිළිගැනීමක් සහිත විෂයකි. තවමත් ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී නොමැත. ඒ තත්වය ද සැලකිල්ලට ගනිමින් මේ සඳහා නව වැඩපිලිවෙලක් සකසන්නයි ඇමතිවරයා සිවිල් ගුවන් සේවා අදිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙහිදී උපදෙස් දුන්නේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර
දිවයිනේ සියලු පාසල් වල ගුවන් සමාජ පිහිටුවීමට පියවර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7AgU3_A_Ymyxhs6glfGOt4NUYhHO3Cg99BOv3NKWe7jNmqS_fyKEuqyH2r0M_cCV6VsW27A-j-KOkbVFGbB_hywJSLFesBmbkRtaEiZ5DtNEzH6mqiGlDOjoik6S0E7aj1yk-bvwzHKA/s16000/Image-Top-Layout+%25281%2529+%252854%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7AgU3_A_Ymyxhs6glfGOt4NUYhHO3Cg99BOv3NKWe7jNmqS_fyKEuqyH2r0M_cCV6VsW27A-j-KOkbVFGbB_hywJSLFesBmbkRtaEiZ5DtNEzH6mqiGlDOjoik6S0E7aj1yk-bvwzHKA/s72-c/Image-Top-Layout+%25281%2529+%252854%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_2.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_2.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content