විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ මෙරටට හිමිවිය යුතුයි


විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රතිලාභ රටට හා ජනතාවට නිසි ලෙස හිමිවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි.

කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ‘A’ පැකේජයේ ප්‍රගතිය පිළිබඳව පසුගිය දා (19) කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව අවධාරණය කළේය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජය විසින් හිතාමතාම අතහැර දමා තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එහි ඉදිකිරීම් යලි ආරම්භ කෙරිණ.


මෙම ව්‍යාපෘතිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක නොකර ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 කට අධික පාඩුවක් ගුවන්තොටුපල සමාගමට සිදුව තිබිණි.

වත්මන් රජය යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 18 වෙනිදායි. පසුගිය වසර තුල මෙරට ආරම්භ කෙරුන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියද මෙයයි.

කටුනායක බණ්ඩාරායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව වන මිලියන 06 යේ සිට මිලියන 15 දක්වා වැඩි කිරීමට පහසුකම් වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 108කි. ජපානය ණය ප්‍රධානයක් ලෙස මෙම මුදල පිරිනමා ඇත. වසර 03කින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූයේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල, ඊට සම්බන්ධ ගොඩනැගිලි මගී පාලම්, මහල් 05කින් සමන්විත රථගාල, මාර්ග මේ යටතේ ඉදි කෙරෙන බවයි. මූලික ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී විශේෂ අවධානය යොමු කල අතර මෙම ඉදිකිරීම් නියමිත කාලය තුල අවසන් කිරීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම ඉදි කිරීම් සඳහා මෙරට ශ්‍රමිකයන් යොදවා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඇමතිවරයා මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති වල ඉදිකිරීම් කෙරෙන කාලය තුලදී ද එහි වාසිය රටට හා ජනතාවට හිමිවිය යුතු බවද අවධාරනය කළේය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නියමිත කාලය තුලදී අවසන් කිරීමට අත්‍යවශ්‍ය බවත් ඒ සදහා අදාල කොන්ත්‍රාත් සමාගම බැදී සිටින බවත් මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ පිළිබදව සැලකිලිමත් වන්නැයි අදාල සමාගමට උපදෙස් දුන්නේය. එමෙන්ම මේ පිළිබදව නිරන්තර අධීක්ෂණයක නිරතවන ලෙසද ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට උපදෙස් දුන්නේය. නියමිත කාලයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කරවා ගැනීම ගුවන්තොටුපල බළධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සදහා පසුවිපරම් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසද උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ විශ්‍රාමික මේජර් ජී.ඒ චන්ද්‍රසිරි, උපසභාපති රජීව් සූරිය ආරච්චි හා කොන්ත්‍රාත්කාර හා උපදේශක සමාගම් නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ මෙරටට හිමිවිය යුතුයි
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ මෙරටට හිමිවිය යුතුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3nT2rXsw-fIUkS61r4cMWXDZlZRQXEBgrL2MCsGqYQd9EYFbvEzJlkTvmZXLNb7pBu5-Gq8r8Fqlh0l6is39pXW5YJjPj4OIIggZNqgBrfdJ-crTAgdfc9zBA0xnPxoO87V01tJCLtfM/s16000/unnamed+%25283%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3nT2rXsw-fIUkS61r4cMWXDZlZRQXEBgrL2MCsGqYQd9EYFbvEzJlkTvmZXLNb7pBu5-Gq8r8Fqlh0l6is39pXW5YJjPj4OIIggZNqgBrfdJ-crTAgdfc9zBA0xnPxoO87V01tJCLtfM/s72-c/unnamed+%25283%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_29.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_29.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content