අධිකරණ අමාත්‍යවරයා මහනුවර කලාපයට අයත් මහාධිකරණ, දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන් හමුවී අධිකරණ තුළ සිදුකලයුතු සංවර්ධන වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද්වීපාර්ශවික සාකච්ඡාවක් පවත්වන ලදී.
අධිකරණ අමාත්‍ය ජනාධ්පති නීතිඥ අලි සබ්රි මහතා ( 02) දින පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයෙහි යටිතල පහසුකම් සොයාබැලීමේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අධිකරණ සංකීර්ණයේ නඩුභාණ්ඩ පිළිබඳව මෙන්ම ලේඛනාගාරය පිළිබඳවද නිරීක්ෂණය කර ගොඩගැසී ඇති නඩු භාණ්ඩ වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම මෙන්ම ලේඛනාගාරය සැකසීම පිළිබඳවද නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
පසුව ගරු අමාත්‍යවරයා නීතිඥ සංගමයේ කාර්යාල සංකීර්ණය ඉදිකන භූමිය නිරීක්ෂණය කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.
අධිකරණ පද්ධතියේ ඇති අඩුපාඩු අවම කරගනිමින් නඩු කටයුතු අවසන් කිරීමට නීතිඥ වරුන්ගේ සහයොගය ද ලබාදෙන ලෙස අමාත්‍යතුමා විසින් ඉල්ලා සිටි අතර මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා, මහනුවර නීතිඥ සංගමයේ සභාපති කුමාරි අබේරත්න මහත්මිය, මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුලු නීතිඥ සංගමයේ නියෝජිතයින් මේන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.




