පොඩි පෑවිල්ලකදීත් දැඩි ජලහිගයකින් පීඩා විදින කටාන ජනතාවගේ ජල සිහිනය ලෝක ජල දිනයේදී සැබෑ කරවනවා ''යැයි කටාන ජල යෝජනා ක්‍රමය නිරීක්ෂණයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.
කටාන ජනතාව පිඩා විදින ප්‍රධානතම ගැටළුවක් වන්නේ ක්‍රමවත් ජලසැපයුමක් නොමැතිවීම වන අතර පොඩි පෑවිල්ලකදිත් දැඩි ජලහිගයකට මුහුණ දීමට තම ජනතාවට සිදුවන බවත් එම තත්වය නිමාකරමින් 2021 ලෝක ජල දිනයට සමගාමීව කටාන ජනතාවට ක්‍රමවත් ජල සැපයුමක් ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.
අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කටාන ජල යෝජනා ක්‍රමයේ වැඩ අවසන් වෙමින් පවතින උතුරු කුලුන වන බම්බුකුලිය ජල කුලුන නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව පැවැති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.




