විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක්


ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන්  විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ
පහසුකම් නොමැති වීමය.එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින්  පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව  සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එසේම  විදෙස්ගත අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල  රැඳී සිටින බවට මාධ්‍ය මගින් අපට විටින් විට වාර්තා විය.විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කොට මෙම අසරණ වී සිටින අපගේ විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව  කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය විය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ  ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට  වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටී.

එසේම දැනට විදේශ රටවල රැඳී සිටින අපගේ ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝ උදව් උපකාර හෝ අවශ්‍ය සහයක්  ඇත් නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය  සමඟ සම්බන්ධීකරණයෙන්  යුක්තව ඔවුන්ට අවශ්‍ය එම ආධාර, අනුග්‍රහයන් , සහයෝගය සහ ආධාර උපකාර ලබාදීමේ  වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද  අමාත්‍යවරයා  සඳහන් කරයි.

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී  නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා  දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක්පා ර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා  සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස  අමාත්‍යවරයා  විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.

එම කරුණු  ක්‍රියාත්මක කිරීම සඳහා  විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා,විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති,සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ  විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද  ඇමතිවරයා දන්වා සිටී.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේඛම් මාපා පතිරණ මහතා ද,කම්කරු ජනරාල් නිතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක්විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක්
විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkHMHzbIG3d9tms_sanJ9klbCFjc4ewQKxeiU1V26EL2stauccFnPBTRrEKIA1OtagmUkDLL3hmyV7vu0d4VKUGXEOK15HOXQ3MDGWqJB9C-NPb0aIPj5rI3cY8FR4S0cawgRGCEjIN_0/s16000/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkHMHzbIG3d9tms_sanJ9klbCFjc4ewQKxeiU1V26EL2stauccFnPBTRrEKIA1OtagmUkDLL3hmyV7vu0d4VKUGXEOK15HOXQ3MDGWqJB9C-NPb0aIPj5rI3cY8FR4S0cawgRGCEjIN_0/s72-c/1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_85.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_85.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content