බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම්කට අත්සන් තැබේ


බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ රජය අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම  ඊයේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙහිදි 2020 සහ 2021 වර්ෂ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ අතර රජය වෙනුවෙන් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා සහ මැග් ආයතනය, හලෝ ට්‍රස්ට් ආයතනය, ඩෑෂ් ආයතනය සහ පාර්ප් ආයතනය යන අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් විසින් මේ සඳහා අත්සන් කරන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සෘජු අධීක්ෂණයට ලක්වන අතර පසුගිය දිනවල කිළිනොච්චිය, මුහමලේ ප්‍රදේශයේදී එහි නිරීක්ෂණ කටයුතු සඳහා එතුමා සහභාගි විය. 2022 වසර වන විට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කරන ලදි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ සඳහා සෘජු දායකත්වය ලබා දෙයි.

මෙම අවස්ථාවට බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්තිරන්, යුධහමුදා බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකයේ මේජර් ශමින්ද ඉලංගරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම්කට අත්සන් තැබේ
බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම්කට අත්සන් තැබේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZYsPADFTNaEkkN-Wvor6c_ULkYscDcH4jkAMQQwEDwdiuoaezo4A_8TzOIn2scCARLj3nr69KPSegR_ix-yb334-5t67welvL5AlEkzC8Co3QO6pfDgqPrnLXTok1fOsI5qn4FRsCwIc/s16000/download.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZYsPADFTNaEkkN-Wvor6c_ULkYscDcH4jkAMQQwEDwdiuoaezo4A_8TzOIn2scCARLj3nr69KPSegR_ix-yb334-5t67welvL5AlEkzC8Co3QO6pfDgqPrnLXTok1fOsI5qn4FRsCwIc/s72-c/download.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_99.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_99.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content